Tuesday, November 27, 2012

මලකඩ යකඩ.... ගැට සහ අපි...

යකඩ තැලෙන්න තැලෙන්න පන්නරය ලබනවාලු...
එහෙම කියන්නෙ යකඩ තලන මිනිස්සු නෙමෙයි, සාහිත්‍ය කාරයෝ....
ඒත් මේ යකඩ තැලුනොත්, අපේ මැනේජ්මන්ට් අවුල් නිසාලු එහෙම වෙන්නෙ..
මලකඩ කෑවොත්.... ආයෙ වයර් බ්‍රෂ් කරලලු ගන්න ඕන...
ඒකෙන් කම්බියටයි, කම්බි නමන මනුස්සයටයි, අපිටයි පන්නරයක් ලැබෙනව ඇති..
ඒ කොහොම වුනත්...
ඔය කියන මලකඩයි, 
බයින්ඩින් පොටෙන් දාපු ගැටයි,
යකඩයි අස්සේ,
තාරුණ්‍යයක අරුනෝදය හෙමිහිට ගෙවිල යනව අපිටත් නොදැනිම....