Thursday, June 5, 2014

හිතළග කව්ද නැවතී සිපගන්න යන...

කවියක් දෙකක් ඉද හිට පවසන්න එන...
මට දැන් නිතර කවිපද මුමුණන්න වෙන...
හිතළග කව්ද නැවතී සිපගන්න යන...
හින්දද මන්ද මේ හැටි ගැලපෙන්නෙ පද......

නිමිති නොමැති සිත මත

රස කවි ගෙතුම් ගී පබැදුම් මිමිණෙනවා....
කවියට නිමිත්තක් සිත සොයමින් යනවා..
නිමිති නොමැති සිත මත නිදි නැතිවෙනවා..
නිමිති නොමැතිවම රස කවි පබැදෙනවා......

නැති සිත ළගට ඒන්නට අෑ කැමති නැත

කවියක් නිමිත්තක් හිතවත හිතෙ අැත
ඒය පවසන්න මගෙ සිත තව උගෙන නැත
තඹයක් තියා සතයක්වත් අෙත් නැත
නැති සිත ළගට ඒන්නට අෑ කැමති නැත..

ඉදහිට පිළිතුරක්

දවසක් ෙදකක් පැල් බැද කවිපද ලිව්වා
ඉදහිට පිළිතුරක් ෙදකකුත් අැමිෙණවුවා
දැන් දැන් සිත ‍ගතත් ෙදක ෙවනතක යැව්වා
කවි අැරඹුමට කිසිවක් ෙව් දැයි ෙසව්වා..

___________වැලන්ටයින් ____________

අයින්ස්ටයින් වාගේ මම හිටියෙ බලන්...
වැලන්ටයින් එනවලු අත ලඟම ඉතින්...
ෆ්‍රැන්කන්ස්ටයින් සේ මැරෙන්න බොන්න හොයන්...
ට්‍ර්පනටයින් තෙල් වත් අද නැද්ද මචන්.....

ඔය පොශ් හිතේ පොඩියක් මට ඉඩදෙන්න..

මගෙ පොශ් හීනයට කවි කැටයම් දෙන්න..
ඔල මොල මැටි ගතිය චුට්ටක් නවතන්න..
ගොනා වගේ ඔබේ ලඟම නවතින්න..
ඔය පොශ් හිතේ පොඩියක් මට ඉඩදෙන්න...

රෝස මලක් මට ඉඟිකර හිනැහෙනවා

සිතුවිලි දහක් සිතවටකර දැවටෙනවා...
ආදර බසක් සිතුවිලිවල ලියැවෙනවා....
හුස්මක් කටක් ගන්නටවත් නොම දෙනවා..
රෝස මලක් මට ඉඟිකර හිනැහෙනවා......

හිග කාසි

කාසියේ රුව දැන් මැනෙන්නේ
තරාතිරමේ අගයෙනුයි..
කාසි හිග බව දැන් දැනෙන්නේ
වැටුප අරගෙන සතියෙනුයි...
ජීවිතේ ගග ගලායන්නේ
රලු පරලු කදු අතරිනුයි...
ආදරේ බිදු වැහි තැනෙන්නේ
දුහුල් දුහුවිලි කතරෙනුයි....