Monday, March 31, 2014

ළ හැර නොයයි....

ලුණු හුලගයි.....
මද අදුරයි......
සද එලියයි......
ළ හැර නොයයි....

Friday, March 28, 2014

3500 පේජ් විව්ස් ඉක්මවූ රැඩිකල් අලුයම පාඨකයින්ට මගෙන් තුති....




____සිහිනය සිනහව හරහා යතාර්ථයට එළැබවීම මගේ ප්‍රයත්නයයි. මගේ මනස මගේ හදවත මෙන්ම ඔබේ මනස, ඔබේ හදවත හා එහි ලැගුම්ගත් ඔබේම හැගීම් වලට මගේ මෙන්ම වටිනාකමක් ඇතැයි දැකීම මගේ දැක්මයි. නීරස කටුක වේදනාවේ පවා සොදුරු සුන්දරත්වයක් ගොඩනගන්නට තතනන වදන්වලට නොදැනීම ඉඩදෙන දෑස, දෑත ,, මනස හා මගේම හදවත මගේම ශක්තියයි____


අලුත් ආරක එවන් සටහනක් සමගින්, සිහින සැබෑවන ආදරයේ පෙරමංලකුණු සටහන් වන නව ආරක කවි සමුදායක් සමග අලුත් රැඩිකල් අලුයමින් ඔබ හමුවන්නට අදහස් කරමි. පේජ් විව්ස් 3500ක් යනු තනි මා වැන්නකුගේ බොල් කවි පෙළට, ඔබෙන් ලද උපරිම ත්‍යාගයකි. එය මා විසින් අගය කරන්නේ ඔබගේ පාඨකත්වට මට වෙසෙසින්ම සැමදා හෘදයාංගම වන බැවිනි. මෙතෙක් එක් ආරක ආවේනික තේමාවන් පමණක් දුටු ඔබට, ඉන් එහා බලාපොරොත්තුවේ සේයාවන් සහිත, ඒවා සැබෑවන පෙරමං සලකුණු තනන සදැස්, කවි, නිසදැස් වල රසය විදගැනීමට ඉදිරියේදි ලැබෙනු නිසැකය.

වෙසෙසින්ම බ්ලොගයේ නිසදැසින් මගේ ඒ ඒ මොහොතේ සිතුම් පැතුම් විස්තර වුන හෙයින් සමහර විටක තරමක කටුකත්වයක් හෝ නීරස ගතියක් දැනුනේ නම් එහි දෝෂාරෝපණයද බාර ගැනීමට මා ම සූදානම් වෙමි. අන්තර්ජාලයේ විවිධ බ්ලොග් වල විවධ තේමාවන් සහිත බැවින්, මෙය මාගේ තේමාව යැයි සිතා ඔබ එය සාධාරණීකරණය කර ගත්තාටද කම් නැත.

බොහෝ දෙනෙකුට වදන් සපයන ආදරය, විරහව, වෙන්වීම, කදුල හා තරහව නමැති මටම වදන් සැපයූ මගේම හැගීම් වලටද කෘතඥඥතාව පල කිරීමටද මෙය අවස්තාවක් කරගත යුතුම වන්නේ එය රැඩිකල් අලුයමේ අත්තිවාරම වූ බැවිනි.

වැඩබිමේ තනිකඩයා නමින් බ්ලොග් කතෘත්වයේ හිමිකම මෙතෙක් පිළිබිඹු කළද, ඉතාම දුක්බර ඒ කතෘ නාමය වෙනසකට ලක් කිරීමට මෙය කාලයයැයි මට සිතෙන්නේ මේ ජූනි මස 23 වෙනිදාට මට 27ක් සැපිරීමත්, 27 යනු තනිකඩයෙකුට තරමක් නොහොඹිනා වයසක් වීමත් යන හේතු 2 උඩය.මෙය මා සිතේ තරමක තිගැස්මක් සටයන් කරන්නේ මා සිව් වරක් නැරැඹූ සමනල සංධ්වනියේ පූණ්‍යාට වාදීෂ මුණ නොගැසීමත්, මුණ ගැසුනද එය අසම්මතම ප්‍රේමයක් පමණක්ද වූ බැවිනි. එහෙත් වෙන් වෙන්ව බලන කල පුණ්‍යාට ආදරණිය සැමියෙකුද, වාදීෂට ආදරණීය බිරිදක්ද ලැබී තිබුනු අතර ඔවුන් ඒ ආදරණීය පහසද රැකවරණයද ලැබුවෝ වූ හෙයින්  ඒ පුණ්‍යා-වාදීෂ ආදර කතාව වැදගැම්මකට නැති බොල් වී අහුරක් යැයි එක හෙළා බැහැර කළ යුතු යැයි සිතුනු වාර ප්‍රමාණය අතේ ඇගිලි ගණනට වඩා වැඩි යැයි මට සිතේ
.

සිහිනය යතාර්තයකට එළැඹවෙන අතරතුර 3500 න් 10000ට යන්නට ඔබේ පාඨකත්වය නිබදවම බලාපොරොත්තු වෙමි.

__________වැඩබිමේ තනිකඩයා (රැඩිකල් අලුයම)________

සිහින තනන්නී ඈ...

මොලකැටි ලෙස සිතට එබෙන්නී...
නෑවිත් ඉන්නී ඉඳහිට...
මගේ හිතට කරදර දෙන්නී...

කලුවර අහස යටට වෙලා

තරහින්ද මන්දා...
සඳ හැංගිලා
නිදි නැතිව සඳ දෙසම බලබලා
වෙහෙසටද මන්දා...
දෑසම බොඳවෙලා
නෙත් කෙවෙනි යට ගැඹුරටම වෙලා
කඳුලැලි ඇහින්දා...
සුසුම් හිරවෙලා
රහසක් කියන්නට ලං වෙලා
නින්ද ඈ බිඳදා...
යන්නටම ගිහිල්ලා.

මගෙම නෙත් මටම හෙට


හිරවෙලා ඉන්නෙ මං

හීනෙකද මංදා..
දිවා රෑ මැදියමෙත්
හිත ළඟම රංදා..
මගෙ ලඟම රැඳෙන ඇගෙ
නෙත් කෙවෙනි හිංදා..
මගෙම නෙත් මටම හෙට
නැතිවෙයිද මංදා....

හිත මත හිරිකඩ



කිව්වා වාගෙම වැස්ස පටන්ගෙන..

හැමෝම හැම තැන තෙමි තෙමි යන හැඩ..
තාමත් නොතෙමී උජාරුවට යන..
පීනස නැති මගෙ හිත මත හිරිකඩ...

සඳ පලස


දුක නිවන සඳ පලස..

බිඟු රඟන මල් පියස..
අභිබවන පෙම් පහස..
ඔය දිලෙන නෙතු සඟල...

හිත ඇවිදින් දුර ගමනක්..


ඉඳ හිට කව් ගී පබඳින

තරු සඳ ළඟ නැති දවසක්..
බිඟු තුරු මැද පෙම සඟවන
මලට අහිමි තව සවසක්...
සෙවනැලි මත කඳුල රැඳුන
පහන් නිවෙන ඝන අඳුරක්...
මේ හැම මැද සිහින රැගෙන
හිත ඇවිදින් දුර ගමනක්...

ඇගෙ මායම්

වෙනදා වගේ තුන් යමේ..
අද නෑ ඈ රෑ මැදියමේ..
සඳ පවා සැතැපෙනා යාමයේ..
මගේ හිත තාම ඇගෙ මායමේ...