Tuesday, July 8, 2014

බොඳ කලා මා නෙතු... දැල්


**************
සියුමැලි සිනිඳු........ තොල්
පීරා වැටෙන.... කෙහෙරැල්
රාගික සුසුම්.............. වැල්
බොඳ කලා මා නෙතු... දැල්

මල් සුවඳකට ඇදෙනා බමරුන් රැලට..

සඳ ළඟ තරු වලට තරු වල එලි පෙලට.…
එලියට දිලෙන සේපාලිකා මල් වලට....
මල් සුවඳකට ඇදෙනා බමරුන් රැලට....
කී කවි ගී සිංදු නෑහෙනවද නුබට....

සිහින ගෙනෙන ඔබගෙනි සැනසුම.... වැස්සේ

________________________________________
දැවෙන නිවෙන දහසක් සිතුවිලි....... අස්සේ
සැදෙන සැනසුමක තතු ඔබගෙන්...... දිස්වේ
වැනෙන පහන් සිල සේ දිවියම...... ගැස්සේ
සිහින ගෙනෙන ඔබගෙනි සැනසුම.... වැස්සේ

දිනයෙක් යනු ඇත යදමුත් බිඳගෙන

.
සඳ ලඟ කවි කල
මගෙ හිත හිරකර
සිනහව ලොක් කර
යතුරත් අරගෙන
හිර ගෙය තුල වන
මගෙ තනි හිත ගෙන
දිනයෙක් යනු ඇත
යදමුත් බිඳගෙන

තනි හිතක ඉකිබිඳුම..

සුර විමන වෙත ඇදෙන..
දුර දිවෙන මද පවන..
වෙර නොගෙන මගෙ ලඟට..
බිඳුවකට ඇදෙනවද..
වෙන් නොවී අහනවද..
තනි හිතක ඉකිබිඳුම..

මට පෙනෙන් නැති තොරණ නිමුනාවේ...


පහන් නිවුනාවේ, පෝය දා,
පොදක් ඇවිදින් රැලිත් තෙමුනාවේ...
කරන්ට් කැපුවාවේ, හිටිගමන්,
මට පෙනෙන් නැති තොරණ නිමුනාවේ...

තෙල් ඇතිමුත් පහන සැනෙකින් නිවේවිද...


නිල් සයුරටත් නැගෙන, රළ පෙල
සිඳේවිද...
රතු ඉර හඳ යටත් තව, ඩා බිඳු නැගේවිද..
වෙදැදුරු නොදනිතත්, මරු පොරබඳීවිද...
තෙල් ඇතිමුත් පහන සැනෙකින් නිවේවිද...

ජීවිතේ පවා තියෙන්නේ.... දැන් ඔයා ළගයි


හීනයක් වගෙයි දැනෙන්නේ.....
හීනයක් නොවෙයි
ආයෙමත් වරක් හිතෙන්නේ....
ආදරේ තමයි
පින් කලේ ඔයා නෙමෙයිනේ....
පින් කලේ මමයි
ජීවිතේ පවා තියෙන්නේ....
දැන් ඔයා ළගයි

පාවෙන සදැස්


කවි ගී සිංදු සුන්දර පද ඇමිණෙන්නේ..
රෑ කලුවර මැදින් මුදු සුළගකි එන්නේ..
පාවෙන සදැස් නිසදැස් මෙහි නවතින්නේ..
සලජාකසයෙ මේ රෑ කව්රුද ඉන්නේ...?
 — feeling curious.

ගීයට පබැඳුමට ආලය කරන සකි..

සදැසට නිසදැසට 
නොබිඳෙන සිතක් හිමී..
කිසිවෙක් ඇතොත් හේ
මිය ගිය අයෙක් වැනි..
ගීයට පබැඳුමට ආලය
කරන සකි..

මිතුරෙකි සොහොයුරෙකි
හොඳ හදවතක් ඇති....

" මුහුදු ගියෝ ආවෝ.. බදුලු ගියෝ නාවෝ"


Priyanthi Hansamali‎සමස්ත ලංකා ජාතික කවි සම්මේලනය ::.
" මුහුදු ගියෝ ආවෝ.. බදුලු ගියෝ නාවෝ"
බදුලු සිරිය හරි කදිමයි හැමගෙම හිත ගන්නේ
දකින හැවොම අගෙ පවසයි සුවදෙන ගම වන්නේ
මුහුදු ගියද යළි පැමිණෙයි එන අය නැහැ යන්නේ
පැමිණ සුවය විඳ ගන්නයි මෙම ඇරයුම දෙන්නේ..
  • Isuru Sampath Amarasena ***
    ලැබුනම ඇරයුමක් නෑවිත් හොද නෑනේ..
    ඉන්නට හිටින්නට තැනකුත් දෙනවානේ...
    සුවය විදින්නට තනියෙන් නම් බෑනේ...
    දෙදෙනෙක් වෙන්න තව කෙනෙකුත් මට ඕනේ...

  • Priyanthi Hansamali *
    Isuru Sampath Amarasena
    ලියුවේ ඇරයුමකි රූ සිරි විඳ ගන්න..... කියා
    තනිවී කෙළෙසකද ඒ පැන විසදන්න.... ඔයා
    එකගේ සිරිත අද නෑ මිතු දැනගන්න ... මෙයා
    පුරයේ රසය විඳ මේ කවි මෙහි දෙන්න.. ලියා

  • Isuru Sampath Amarasena ***
    සිරිතට නවතින්න නොව, අක්කේ... ලීවේ
    ඉදලා යන්න දෙනවද කියලයි......... කීවේ 

    පුරයේ මගේ හිතවතෙකුත් වෙන.... නෑනේ
    තනිවුනු බවක් නිකමට නොවැ මම....කීවේ

ඈ ගෙ උණුහුම...

සිහින විමනක...
තනයි හෙවනක්...
ඈ ගෙ උණුහුම...
රැදුනු සුසුමක්..