Tuesday, July 8, 2014

" මුහුදු ගියෝ ආවෝ.. බදුලු ගියෝ නාවෝ"


Priyanthi Hansamali‎සමස්ත ලංකා ජාතික කවි සම්මේලනය ::.
" මුහුදු ගියෝ ආවෝ.. බදුලු ගියෝ නාවෝ"
බදුලු සිරිය හරි කදිමයි හැමගෙම හිත ගන්නේ
දකින හැවොම අගෙ පවසයි සුවදෙන ගම වන්නේ
මුහුදු ගියද යළි පැමිණෙයි එන අය නැහැ යන්නේ
පැමිණ සුවය විඳ ගන්නයි මෙම ඇරයුම දෙන්නේ..
  • Isuru Sampath Amarasena ***
    ලැබුනම ඇරයුමක් නෑවිත් හොද නෑනේ..
    ඉන්නට හිටින්නට තැනකුත් දෙනවානේ...
    සුවය විදින්නට තනියෙන් නම් බෑනේ...
    දෙදෙනෙක් වෙන්න තව කෙනෙකුත් මට ඕනේ...

  • Priyanthi Hansamali *
    Isuru Sampath Amarasena
    ලියුවේ ඇරයුමකි රූ සිරි විඳ ගන්න..... කියා
    තනිවී කෙළෙසකද ඒ පැන විසදන්න.... ඔයා
    එකගේ සිරිත අද නෑ මිතු දැනගන්න ... මෙයා
    පුරයේ රසය විඳ මේ කවි මෙහි දෙන්න.. ලියා

  • Isuru Sampath Amarasena ***
    සිරිතට නවතින්න නොව, අක්කේ... ලීවේ
    ඉදලා යන්න දෙනවද කියලයි......... කීවේ 

    පුරයේ මගේ හිතවතෙකුත් වෙන.... නෑනේ
    තනිවුනු බවක් නිකමට නොවැ මම....කීවේ

No comments: