Saturday, December 7, 2013


සිහින නොනිමෙයි

එයයි ලෝ හැටි...
මුදල හිග වෙයි
ඒ මුදලෙ හැටි
රුවද දිය වෙයි
ලෝ දහමෙ හැටි
නිරය ලං වෙයි
අකුසලේ හැටි...

Friday, September 27, 2013

පැටලුණු හීන

සිහින මිටිගනන් පොදිබැඳන්,
මෙහා ඉමහොයන් පාවෙමින් හිමින්,
එගොඩ හීන මෙගොඩ හීන එකට එක් කරන්,
මගෙ හීනෙත් ඔබෙ හීනෙට පැටලිලා හෙමින්,
ඒ හීන ගොඩ උඩින්,
ඔබෙ හීන ටික අරන්,
හනික යන්න මගෙ හීනෙට
ඉඩ තියා සෙමින්..

Tuesday, September 3, 2013

ගත සිත මදකට
සුවපත් වන හැටි,
එලෙසම සැනෙකින්
විසිරී යන හැටි,
බඹරෙක් මල් මැද
අසරණ වන හැටි,
වගේ වගක් නැති
මල හිනැහෙන හැටි.

Sunday, September 1, 2013

සිහින එපා මට තවත්

සිහින එපා මට තවත්,
මදුවිත පොවපන් තවත්,
හ්රද ශාක්ශිය මැරී,
කල් ගත වී ඇත ඉතින්.

මගෙ දුර්වලකම් වලින්,
හිනැහුනු ලොව දෙස බලන්,
හිරකරගෙන ඉකි ගැසුම්,
මුව සඟවාගෙන යමන්.

Monday, August 26, 2013

පුරපසක් නොව

විවර කව්ලුවෙ දොරෙන්,
වැටෙයි සඳරැස් හෙමින්,
හිස් යහන මත හොරෙන්,
වෙලී සැතැපෙයි ලඟින්,
පුරපසක් නොව ඉතින්,
නමුදූ එලියයි හොඳින්,
හිරු නැගෙන්නට කලින්,
යන්න යනවද ඉතින්..

Friday, August 23, 2013

දයිවය මෙතරම් සරදම් දෙන්නේ,
පෙර අප කල පව් හින්දද මන්දා,
අහම්බෙන් වගේ යලි හමුවන්නේ,
මහබඹු සැලසුම් කරලද මන්දා.

Thursday, August 8, 2013

මොකද අතිරහ වුනත් හැමදාම කන්ට බෑ කියනවලුනෙ බන්..

ඊයෙ හවස දාපු අර චූටි (මල් හොරු http://radicalaluyama.blogspot.com/2013/08/blog-post_8.html) කවි කෑල්ලට පස්සෙ මොකුත් දාන්නත් බැරිවුනාලු. ඒ හින්දා වැබබිමේ තනිකඩය ෆයිනල් ඉයර් ඉදිද්දි අර ආර්ට් සර්කල් බෝඩ් එකට දාපු කවි කෑල්ලක්වත් පෝස්ට් කරන්න හිතාගත්තලු. මේකෙ නම පාලියෙන් දැම්මට,  අර හල් කිරිල්ලද මොකක්ද එක පාලි භාශාවෙන් නොදා අර අරක අනිකට පූට්ටු කරලද කොහෙද දාන එක ඌට දාන්න අමතක වෙලා කියහන්කො.





(වට් එවර් ඉට් ඊස්) නත්ථි රාග සමෝ අග්ගි කිව්වට මේක පාලි ගාථාවක් එහෙම නෙමෙයිලු. ඔය රාගය හා සමාන වෙනත් ගින්නක් නෑ කියලලුනෙ කියන්නෙ. කොහොම වුනත් බුදු හාමුදුරුවොත් ඒ ගින්දරේ භයානකකම දේශනා කරල තියනවලුනේ.


       ඔය නිකම්ම නිකන් තණපත් නෙමෙයි. සරාගික තණ පත්. ඒවායෙත් අග්ගිස්සෙ කොණෙන් පෙරාගෙන වැටෙන ඔය හීතල වතුර බිංදු උරන්න බලාගෙන කෙණෙක් ඉන්නවලුනෙ. ඒ උරන්න බලන් ඉන්නෙ උදෙන්ම පායන ඉරලුනෙ. ඔය වැඩේ කොරන්ටනෙ ඔය ඉර කියන හාදයා කදු උඩට නගිනව කියන්නෙ. ඉතින‍් මේ සිද්ධි අස්සේ මදණල හමනව කියන්නෙ. නිකම්ම නිකන් මදනල නෙමෙයිලු , නුරාගික මදනලලු. ඒ නුරාගික මදනලෙත් එල්ලිලා ඒ දැරිවිගෙ සීතල ගතියත් හොරකම් කරගෙන (සීතල නැතිවුනාම උණුසුම් වෙනවනෙ, හික්ස්) ඔය බැදල තිබ්බ බැමිත් ඉරාගෙන අර කන්ද උඩට නැග්ග ඉරේ උණුහුමට ගුලිවෙලා රණ හංසයො නිදහසේ නැලවෙනව කියන්නේ. (අනේ මන්දා මමනම් දැකලා නෑ සත්තුවත්තෙවත් හංසයො ලණු වලින් බැදල තියනව, හික්ස්). (තව දෙයක්, ඉස්සර මමත් කැමතියි සමිතගෙ රණ හංස යුවලට... පස්සේ මේ වයඹ පලාතේ සමූපකාර ඡන්ද කාරයො හින්ද ඒ සින්දුවත් එපා වුනා ඕයි) සින්දුව ඕන නම් මෙන්න-http://www.youtube.com/watch?v=kiYvnIvTS_4 බලන්නකො සමිතා ඒ දවස්වල කොච්චර කෙට්ටුද කියලා. අපි ඉතින් පූසන්ට වුනත් පැටිය කාලෙ ආදරේ කරාට ලොකු පූසන්ට හොර පූස කියල එලවල දාන එකමනෙ කරන්නෙ. ඒකෙන් මේකෙන් මේ සමිතයි හංසයොයි හින්ද තව ඩිංගෙන් සින්දුවත් කවියත් අමතක වෙනවා.



මෘදු වෙරල කියන්නෙ වෙරි කාම් ඇන්ඩ් ක්වයිට් තැනක්නෙ. මුහුදු රැල්ල නොවදින මානයේ මුදු වෙරල දිගේ තාලයකට හෙමින් හෙමින් පියෙන් පිය තියාගෙන යන දර්ශනයක් කියන්නෙ හරිම සෞම්‍ය නිහඩ මෘදු පූජනීය අවස්ථාවක්. ඒ නිහඩ මුහුදු වෙරළේ තියන චාම් බව තනිකඩය ඔය සමාන කරල තියෙන්නෙ ටිකෙන් ටික ලියලන ඒ දැරිවිගෙ පරම පවිත්‍ර ආදරයටලුනෙ.  ඊට පස්සෙ කවියා එක පාරටම කියන්නෙ , නොගිලි ගිලි ගිලි හැපී තෙරපෙන රුදුරු දලරළ පහරක් ගැන. ඒ වචන වලින්ම ඒකෙ තියන චණ්ඩ බව හිතාගන්න පුලුවන්නේ. ඒ චණ්ඩ දළ රළ පහරට කවියා සම කරන්න  උත්සාහ කරල තියෙන්නෙ ඒ දැරිවිගෙ තොල් යුවලනේ. ඒවත් නිකම්ම නිකන් තොල් නෙමෙයි, නැගෙන නලියන දැවෙන සැනසෙන නුරාගික තොල් හරිද?
( ආ තොල් කියනකොට මතක් වුනේ, ඔය අපේ ශෂිකා නිසංසලා කියනවනේ තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න කියල. දවසක් අපේ ඉස්කෝලෙ සින්හල දිනයකටද කොහෙද ආපු බණ්ඩාර ඇහැළියගොඩ මහත්තය කියනව, එතකොට දෙවන හාදුවෙන් මොන මොනවද තෙමන්නෙ කියල. අපිට මොකද අනේ මොන මොනව තෙමා ගත්තත්, නේද?) ( අපිට කොහෙන්ද මාලු, අනික අපි යනවයැ මූදු, නේද?, හික්ස්)

ඔන්න ඔය මොනවද මන්ද මුවා කරගෙන මිහිදුමක් වගේ තිබිච්ච සේද සලුපොටද මොකක්ද එක ගිලිහිලා කියන්නෙ. එච්චර වෙලා මලානික වෙලා තිබිච්ච අමාවක සදත් ඒ සිද්ධිය දැකලා අසුරු සැනකින් (ඒ කියන්නෙ හුටස් ගාලා) පුර හද වගේ පිම්බිල ඇවිල්ල කියන්නෙ. ඔය ඔන තරම් අවුරුදු උත්සව වල බැලුම් පුම්බද්දි හුටස් ගානකොට පිම්බිලා පටස් ගාලා පිපිරිලා යන්නෙ, නේද. එතකොට මෙව්වනම් මොනාද. ඉතින් ඔය කදු වලල්ලෙ තියන හරි ලස්සන ගිරි ශිඛර දෙකක් උඩ (දෙකක් කිව්වෙ නිකන් හරිද. ඊට වැඩියෙන් තියෙන්නත් ඇති) අර හදෙන් ආපු රැස් හිමීට පතිත වුනා කියන්නේ. ඒ රැස් ඔය ගිරි ශිඛර මත වැතිරිලා ඒවා අස්සෙ තැවරෙනකොට පුදුම ලස්සනක් නේද ඇත්තේ. (කවියගෙන්ම අහල බලන්ට ඔන. බාග වෙලාවට කවියත් දන් නැතුව ඇති).
හොහොමෙන් කොහොමෙන් හරි අන්තිමට වෙලා තියෙන්නෙ පුදුම දෙයක්නේ. හද ඉදල කියෙන්නෙ තපෝ වනයකනේ. ඉතින් ඒ තපෝ වනය මැද්දෙ හද තපස් රැක රැක ඉන්න ඇති. ඔය වෙච්ච සිද්ධිත් එක්ක සද ඒ දැහැනත් බිදගෙන කෙලින්ම සදෙව් ලොව සැතපුනා කියල තමයි කවියා කියන්නෙ අන්තිමට.

ප.ලි. - අනේ මන්දා සදෙව් ලෝකෙත් මොන සැප සම්පත් තිබුනත් හදටත් ඉතින් එහෙ කෑම හැමදාම කාලා කාලා කාලා කාලා කාලා දවසක එපා වෙනවත් ඇති නේද බන්. මොකද අතිරහ වුනත් හැමදාම කන්ට බෑ කියනවලුනෙ බන්..

ගොඩ වෙච්ච එකේ RadiCaL අලුයමට කොමෙන්ටුවකුත් දාලම යන්ට අමතක කරන්ට එපා ඕන්.

මල් හොරු

මල් හොරු මල් හොරු
හැමතැනම......
රෝස නෙලුම් මල්
දස අතම......
හන්තානේ පිපි
මල් අතර....
වන බඹරෙක්
වහලද නැද්ද....?

Sunday, August 4, 2013

කළා පියස යට සෙල්ටැම් අතරේ මතකය සැගවෙනවා... තුන් හිත පාරා ඒ ටැම් අතරින් ඇගෙ රුව සිහි වෙනවා...



එදා වගේ තාමත් හන්තානේ
ලා හිරු හිනැහෙනවා..
ඒ හිරු කිරණේ තාලෙට නැලැවී
පිණි බිදු වියැලෙනවා...
කළා පියස යට සෙල්ටැම් අතරේ
මතකය සැගවෙනවා...
තුන් හිත පාරා ඒ ටැම් අතරින්
ඇගෙ රුව සිහි වෙනවා...

සොදුරු සුනිල නිල් මාවැලි ගං දිය
බොර පෑ වී යනවා..
මල්පෙති වැතිරුණ ගං දෑලේ කොණ
මිහිදුම හැර යනවා..
රොබොරොසියා මල් පියලි උඩින් ඈ
ඈතට දිව යනවා..
මට කවිකම් දුන් ඒ ඇස් සිහිවී
මේ ඇස් බොද වෙනවා...

රලු ගල්කණුවේ මුදු සියුමැලිකම
හිත හිරිවැට්ටුව හැටි මතකයි..
සෙනෙට් මැදුර යට සිහිල් සුළං රැල්
ගත මන මත් කල හැටි මතකයි..
මතකය පාරා හිත වත්තන් කර
යන්නට හිමිහිට කල් එළැබෙයි..
කලු ලෝගුව මිස ලැබූ ජයක් ගැන
මේ ගල් කණු මට නොමපවසයි...

ආලය හැරගිය රැසිරු අතීතය
වෙර නොබදිමි මං කිසිදාක...
රිසි සේ ඔබ හට වැලැලෙන්නට ඉඩ
අවුරා නොතබිමි මතු දාද..
අතීතයේ මළ ගම වෙනුවෙන් අද
මතක වතක් දී නොහඩාම..
යන්නට සැරසෙමි මා ලද ලොව වෙත
කිසිදු කිසිත් යලි නොකියාම...

Wednesday, July 17, 2013

රිද්මි

සිහින මැදින් සිහිවෙන
සුවඳ මැදින් සුවදෙන
රිදුනු සිතම රිදවන
රිද්මය තව ඔබමය

Tuesday, June 25, 2013

තනිකඩ හිතද සෝ ගී ගයති.

සරදම් සිහින සිනා මල් කිනිති,
බිඟු වැල් දෙබර සමනල් රඟති,

බිඳු දිය සිහිල අහසෙන් බසිති,
තනිකඩ හිතද සෝ ගී ගයති.

Thursday, June 20, 2013

සිත සැතපෙන්නෙත් ඔබ සමගයි

හිරිවැටෙන හීතලත් හෙමින් ඇදී
හොයන්නෙ මගෙ තනි හිතමයි
තනි හිතට අහම්බෙන් ගොඩ වැදී
එය තියන්නෙ නෙත යට කදුලයි

ඒ කඳුලු කතාවේ පද වැකී
ගෙතෙන්නෙ තනි හිත මතමයි
ඒ තනිවුනු හිත තව තව රිදී
ඇදෙන්නෙ ඔය ඇස් පමණයි

ආදරබර ඇස් කියනා කවී
ගැයෙන්නෙ තනුවක් නැතිවයි
ඒ කවියට සන්ගීතය දි දී
මට ඇහෙන්නෙ දුක්බර හැඬුමයි

ඔය නීල නුවන් යුග පෙනිපෙනී
ඇස් පතන්නෙ ඔය නිල් නෙතුමයි
නෙතු අතරින් බොඳ වී ගියත් ඔහේ
හිත සැතපෙන්නෙත් ඔබ සමගයි

Saturday, June 15, 2013

උතුරු වසන්තම්..

තල් අරණේ හිස් අහසට අලුත් ඉරක් පායලා
පන් පැදුරේ පත් ඉරුවට සොදුරු සිහින පුරවලා
ලේ ඉහිරුණු වැලි තලයේ රක්ත වර්ණ හෝදලා
අබ්බගාත පරවියාට අලුතින් තටු ලියලලා

තල් යායේ වෙඩි හුළගට නිවුනු පහන් දල්වලා
මල් යායක සිහින රැගෙන මල් මී බිගු ඉගිලිලා
වස්සානය හංගාගත් හිස් අහසම පුරවලා
වහින්න මල් වැහි පිට වැහි උතුර දකුණ එක්වෙලා

Thursday, June 13, 2013

pransa haadhu

සරාගී නුවන් කැල්මේ -මගේ රතු දෙනෙත් බැඳිලා,
සිනාසෙන දසන් අස්සේ - ප්‍රන්ස හාදු වැල් මැවිලා,
කියඹු වැල් දිගේ නලලේ - පොරබදයි සිහින මැවිලා,
සිහින ඉහිරිලා අඳුරේ - ඉකිබිඳියි සිතම ගිනිලා,

Sunday, June 9, 2013

ඒ හිතක තරම්...

වැහි කෝඩ අරන් නල හමන තරම්,
ඒ නලට හොරෙන් හිත හඬන තරම්,
දුක් හිතට හෙමින් ඔබ එබෙන තරම්,
ඒ ඔබෙන් ලැබූ ආදරේ තරම්,
ඇය දන්නෙ නෑ ඔබෙ සෙනේ තරම්..

ඔබ සිහින් සිනිදු සලු සැදූ තරම්,
ඒ සිනිදු සරින් සිත වෙලූ තරම්,
සිත හඬන වෙලේ සිත හැදූ තරම්,
ඇගෙ සුසුම් පොදත් දන් නෑ තවමත්,
ඒ සුසුම් තවත් සිත දවන තරම්..්

Monday, May 20, 2013

ආදරේ ගීතයක්...

ආදරේ ගීතයක්...
විශේශත්වය,
ගීතය අයිති ගායකයා ඒක ගායනා කරලා
ලබාගන්න සතුටට වැඩි,
විශාල සතුටක් ඒක අයිතියවත නැති අපි වගේ මිනිස්සුන්ට ලබාගන්න් පුලුවන් වීම.

Saturday, May 18, 2013

ඈ......, ගලින් කළ කැටයමක්

පනාපෙති පිරුණු කවයක්
මතින් ඇවිදින හංස අගනක්
ඈ.........,
ගලින් කළ කැටයමක්


බලා  සිටියලු වසර හතරක්
දෙපා පිසයන තරුණ යුවලක්
ඔවුන්........,
නොදැක දැන් ඈ ගෙවුනි වසරක්


එකුත් සූ සැට සෙල් ටැම් පෙළක්
එයින් නික්මෙන පියගැට පෙළක්
ඒ............,
මතට වැටුනලු සෙවනැලි දෙකක්


එදත් නැගුනලු සදක්
මුහුකරගෙනම සුමුදු සුවදක්
එය...........,
හන්තානටම පෑයූ සදක්


පිපුණලු රොබොරොසියා මලක්
ඒ මතට වැටුනලු පිණි පොදක්
සද.............,
රැසේ දිලුනලු වසර හතරක්


අදුරු පෑ  මිහිදුමක්
කැටුව ආ ඝන මේඝ අගනක්
ඈ.............,
තැනුවෙ සද නැති අදුරු අහසක්


යනෙන ඇවිදින සෙවනැලි පෙළක්
නිතර නරඹන හසගනක්
ඈ.............,
සෙව්වෙ පෙර සෙවනැලි දෙකක්


අවරගිර හිරු බසින මොහොතක්
දුටුවෙ නෑ ඈ සෙවනැලි දෙකක්
ඇයි...........,
ඔවුන් සමුගෙන අදින් වසරක්

Thursday, May 16, 2013

දිටියෙමි මලක්, හිරු රසින් පිච්චෙන..

අලුයමින් පිබිදී
සුමුදු සුවදක් විහිදුවන...
දිටියෙමි මලක්
දහවල අව් රසින් පිච්චෙන...
ගල්වන්න පැන් පොදක්වත්
ලන්වන සිතක් සිතුනත්
හිරු රසේ චණ්ඩබව
වැලකුවා මගෙ දෙපයත්...
මැලැවි මැලැවී
සිටිනු දැක දැක
ඉන්න බෑ තව මොහොතක්...
සිත දවන රතු පහන් දැල්ලට
පෙම් කරයි පලගැටියෙක්

Sunday, May 12, 2013

energy ටිකක් එවපන්..

ඉහල යන වියදමයි තෙල් මිලයි බඩු මිලයි,
පාර කිව්වා මටත් හොයන්නට ජොබ් එකක්,
සිවිල් ඉන්ජෙක් වෙලා හොයනවට වැඩි යමක්,
හොයන ලේසිම විදිය අහුවුනා ලෙසියෙන්.

ජෝන්ස් කියලා එකෙක් උදව්වට සෙට් වුනා,
මල මිනී හොය හොයා වැඩ කොටස ඇරඹුනා,
තරු අරන් එන සැමට ජොබ හොදට ක්ලික් වුනා,
ස්‍යිබර් පොලිසියෙ පට්ට තැනක් මට ෆිට් වුනා.

ලොක්ක එනකොට හෙමින් ටැබ් අතර සගවමින්,
පැය හයෙන් හය බලන් හෙමින් නෙට්ගතවෙමින්,
එකම තැන ගුලිවෙලා මගෙ කොන්දෙ පොට ගිහින්,
හදාගන්නම් මචන් energy ටික දුන් සැනින්.

Friday, May 3, 2013

නගේ නුබට නොපෙනුනාට තරු සැගවෙයි වලා පෙලේ..


නදුන් උයන වට රගදෙන
කෝල කොමල දෑස ඇගේ...
සදුන් සුවද ඉතිරී යයි
හීන පුරන පාර දිගේ...
ලදුන් පාන මල් හසරැලි
කොදුරන්නට පැලට මගේ...
අදුන් අපුල දෑස දෙන්න
කැමතිද මට බාල නගේ....

මිදුල කොණේ පිබිදුන මල්
සැගවුනාද සදලුතලේ..
වදුල දිගේ ඇවිදින සද
නැවතුනාද වලා ගැබේ...
දිදුල මාල රන් මල් දම්
ගැවසුනාම සිහින් ගෙලේ..
බාල නගා හිනැහෙනකොට
තරු සැගවෙයි වලාපෙලේ...

තබා සිතේ තෙරපෙන පෙම්
කවි සිතිවිලි මතක පෙතේ..
අබා සොදුරු සදවත රන්
පාට සුමුදු දෑස නෙතේ..
සොබා සිහින ඉහිරෙන මධු
මල් යායක සිහින කෙතේ...
ප්‍රභා සුවද සද තරු මල්
පැරදෙනවා රුවට නුබේ...

ජීවිතෙ කියන්නෙ ඇපල්වත්, අයිස්ක්‍රිම්වත්, කටට රහට කන එකටවත්, ලොකුම ලොකු පඩියක් ගන්න එකටවත් නෙමෙයි.

ජිවිතේ කියන්නෙ සතුටට.. හිතේ සතුටට.. හිතින් විදව විදව, තමන්ගෙම අය තමන්ගෙ නෙමෙයි වගේ ඉන්නකොට, කාත් කවෘවත් නැති බව දැනෙනකොට, හිතම හිර කරවලා මේ ලොකෙ තියෙන ආගන්තුකම නුපුරුදුම නුහුරුම තැන තමන්ගෙම ගෙදර වෙනකොට, දැනෙන හැගීම විස්තර කරගන්නවත් අමාරුයි..
සමහරවිට ඒක විස්තර වෙන්නෙ වැටෙන කදුලකින් නොවෙන්න පුලුවන්. ඒ වයස වැඩි නිසා වෙන්න ඇති. හිතේ අග්ගිස්සෙ පුපුරන්න වගේ දැනෙන වේදනාව හන්ගගෙන හිනා වෙලා ඉන්න එක තරම් අමාරු තවත් දෙයක් නැතුව ඇති. එ හිනාවලට, ඒ විහිලු වලට හිනාවෙන කවෘවත් දන්නෙ නැතුව ඇති ඊට යටින් හැන්ගිලා තියෙන කදුලුවල රස්නෙ කියන එක..

Thursday, April 25, 2013