____සිහිනය සිනහව හරහා යතාර්ථයට එළැබවීම මගේ ප්රයත්නයයි. මගේ මනස මගේ හදවත මෙන්ම ඔබේ මනස, ඔබේ හදවත හා එහි ලැගුම්ගත් ඔබේම හැගීම් වලට මගේ මෙන්ම වටිනාකමක් ඇතැයි දැකීම මගේ දැක්මයි. නීරස කටුක වේදනාවේ පවා සොදුරු සුන්දරත්වයක් ගොඩනගන්නට තතනන වදන්වලට නොදැනීම ඉඩදෙන දෑස, දෑත ,, මනස හා මගේම හදවත මගේම ශක්තියයි____
අලුත් ආරක එවන් සටහනක් සමගින්, සිහින සැබෑවන ආදරයේ පෙරමංලකුණු සටහන් වන නව ආරක කවි සමුදායක් සමග අලුත් රැඩිකල් අලුයමින් ඔබ හමුවන්නට අදහස් කරමි. පේජ් විව්ස් 3500ක් යනු තනි මා වැන්නකුගේ බොල් කවි පෙළට, ඔබෙන් ලද උපරිම ත්‍යාගයකි. එය මා විසින් අගය කරන්නේ ඔබගේ පාඨකත්වට මට වෙසෙසින්ම සැමදා හෘදයාංගම වන බැවිනි. මෙතෙක් එක් ආරක ආවේනික තේමාවන් පමණක් දුටු ඔබට, ඉන් එහා බලාපොරොත්තුවේ සේයාවන් සහිත, ඒවා සැබෑවන පෙරමං සලකුණු තනන සදැස්, කවි, නිසදැස් වල රසය විදගැනීමට ඉදිරියේදි ලැබෙනු නිසැකය.
වෙසෙසින්ම බ්ලොගයේ නිසදැසින් මගේ ඒ ඒ මොහොතේ සිතුම් පැතුම් විස්තර වුන හෙයින් සමහර විටක තරමක කටුකත්වයක් හෝ නීරස ගතියක් දැනුනේ නම් එහි දෝෂාරෝපණයද බාර ගැනීමට මා ම සූදානම් වෙමි. අන්තර්ජාලයේ විවිධ බ්ලොග් වල විවධ තේමාවන් සහිත බැවින්, මෙය මාගේ තේමාව යැයි සිතා ඔබ එය සාධාරණීකරණය කර ගත්තාටද කම් නැත.
බොහෝ දෙනෙකුට වදන් සපයන ආදරය, විරහව, වෙන්වීම, කදුල හා තරහව නමැති මටම වදන් සැපයූ මගේම හැගීම් වලටද කෘතඥඥතාව පල කිරීමටද මෙය අවස්තාවක් කරගත යුතුම වන්නේ එය රැඩිකල් අලුයමේ අත්තිවාරම වූ බැවිනි.
වැඩබිමේ තනිකඩයා නමින් බ්ලොග් කතෘත්වයේ හිමිකම මෙතෙක් පිළිබිඹු කළද, ඉතාම දුක්බර ඒ කතෘ නාමය වෙනසකට ලක් කිරීමට මෙය කාලයයැයි මට සිතෙන්නේ මේ ජූනි මස 23 වෙනිදාට මට 27ක් සැපිරීමත්, 27 යනු තනිකඩයෙකුට තරමක් නොහොඹිනා වයසක් වීමත් යන හේතු 2 උඩය.මෙය මා සිතේ තරමක තිගැස්මක් සටයන් කරන්නේ මා සිව් වරක් නැරැඹූ සමනල සංධ්වනියේ පූණ්යාට වාදීෂ මුණ නොගැසීමත්, මුණ ගැසුනද එය අසම්මතම ප්‍රේමයක් පමණක්ද වූ බැවිනි. එහෙත් වෙන් වෙන්ව බලන කල පුණ්‍යාට ආදරණිය සැමියෙකුද, වාදීෂට ආදරණීය බිරිදක්ද ලැබී තිබුනු අතර ඔවුන් ඒ ආදරණීය පහසද රැකවරණයද ලැබුවෝ වූ හෙයින් ඒ පුණ්‍යා-වාදීෂ ආදර කතාව වැදගැම්මකට නැති බොල් වී අහුරක් යැයි එක හෙළා බැහැර කළ යුතු යැයි සිතුනු වාර ප්‍රමාණය අතේ ඇගිලි ගණනට වඩා වැඩි යැයි මට සිතේ.
සිහිනය යතාර්තයකට එළැඹවෙන අතරතුර 3500 න් 10000ට යන්නට ඔබේ පාඨකත්වය නිබදවම බලාපොරොත්තු වෙමි.
__________වැඩබිමේ තනිකඩයා (රැඩිකල් අලුයම)________
3 comments:
තව තවත් රසවත් දෑ ලියන්නට ඔබට දිගාසිරි.....
පංකාදු කවි ටික..
තව ලස්සන කවි ලියවේවා
මගෙත් දිගාසිරි එක්වේවා
10000ක් එක් රැස් වේවා
සොදුරු වදන් වැල් මිමිණේවා
බොහෝම ස්තූතියි දෙපළටම..
Post a Comment