Thursday, May 23, 2013

සංකීර්ණ සංඛ්‍යා


Monday, May 20, 2013

ආදරේ ගීතයක්...

ආදරේ ගීතයක්...
විශේශත්වය,
ගීතය අයිති ගායකයා ඒක ගායනා කරලා
ලබාගන්න සතුටට වැඩි,
විශාල සතුටක් ඒක අයිතියවත නැති අපි වගේ මිනිස්සුන්ට ලබාගන්න් පුලුවන් වීම.

Saturday, May 18, 2013

ඈ......, ගලින් කළ කැටයමක්

පනාපෙති පිරුණු කවයක්
මතින් ඇවිදින හංස අගනක්
ඈ.........,
ගලින් කළ කැටයමක්


බලා  සිටියලු වසර හතරක්
දෙපා පිසයන තරුණ යුවලක්
ඔවුන්........,
නොදැක දැන් ඈ ගෙවුනි වසරක්


එකුත් සූ සැට සෙල් ටැම් පෙළක්
එයින් නික්මෙන පියගැට පෙළක්
ඒ............,
මතට වැටුනලු සෙවනැලි දෙකක්


එදත් නැගුනලු සදක්
මුහුකරගෙනම සුමුදු සුවදක්
එය...........,
හන්තානටම පෑයූ සදක්


පිපුණලු රොබොරොසියා මලක්
ඒ මතට වැටුනලු පිණි පොදක්
සද.............,
රැසේ දිලුනලු වසර හතරක්


අදුරු පෑ  මිහිදුමක්
කැටුව ආ ඝන මේඝ අගනක්
ඈ.............,
තැනුවෙ සද නැති අදුරු අහසක්


යනෙන ඇවිදින සෙවනැලි පෙළක්
නිතර නරඹන හසගනක්
ඈ.............,
සෙව්වෙ පෙර සෙවනැලි දෙකක්


අවරගිර හිරු බසින මොහොතක්
දුටුවෙ නෑ ඈ සෙවනැලි දෙකක්
ඇයි...........,
ඔවුන් සමුගෙන අදින් වසරක්

Thursday, May 16, 2013

දිටියෙමි මලක්, හිරු රසින් පිච්චෙන..

අලුයමින් පිබිදී
සුමුදු සුවදක් විහිදුවන...
දිටියෙමි මලක්
දහවල අව් රසින් පිච්චෙන...
ගල්වන්න පැන් පොදක්වත්
ලන්වන සිතක් සිතුනත්
හිරු රසේ චණ්ඩබව
වැලකුවා මගෙ දෙපයත්...
මැලැවි මැලැවී
සිටිනු දැක දැක
ඉන්න බෑ තව මොහොතක්...
සිත දවන රතු පහන් දැල්ලට
පෙම් කරයි පලගැටියෙක්

Sunday, May 12, 2013

energy ටිකක් එවපන්..

ඉහල යන වියදමයි තෙල් මිලයි බඩු මිලයි,
පාර කිව්වා මටත් හොයන්නට ජොබ් එකක්,
සිවිල් ඉන්ජෙක් වෙලා හොයනවට වැඩි යමක්,
හොයන ලේසිම විදිය අහුවුනා ලෙසියෙන්.

ජෝන්ස් කියලා එකෙක් උදව්වට සෙට් වුනා,
මල මිනී හොය හොයා වැඩ කොටස ඇරඹුනා,
තරු අරන් එන සැමට ජොබ හොදට ක්ලික් වුනා,
ස්‍යිබර් පොලිසියෙ පට්ට තැනක් මට ෆිට් වුනා.

ලොක්ක එනකොට හෙමින් ටැබ් අතර සගවමින්,
පැය හයෙන් හය බලන් හෙමින් නෙට්ගතවෙමින්,
එකම තැන ගුලිවෙලා මගෙ කොන්දෙ පොට ගිහින්,
හදාගන්නම් මචන් energy ටික දුන් සැනින්.

Friday, May 3, 2013

නගේ නුබට නොපෙනුනාට තරු සැගවෙයි වලා පෙලේ..


නදුන් උයන වට රගදෙන
කෝල කොමල දෑස ඇගේ...
සදුන් සුවද ඉතිරී යයි
හීන පුරන පාර දිගේ...
ලදුන් පාන මල් හසරැලි
කොදුරන්නට පැලට මගේ...
අදුන් අපුල දෑස දෙන්න
කැමතිද මට බාල නගේ....

මිදුල කොණේ පිබිදුන මල්
සැගවුනාද සදලුතලේ..
වදුල දිගේ ඇවිදින සද
නැවතුනාද වලා ගැබේ...
දිදුල මාල රන් මල් දම්
ගැවසුනාම සිහින් ගෙලේ..
බාල නගා හිනැහෙනකොට
තරු සැගවෙයි වලාපෙලේ...

තබා සිතේ තෙරපෙන පෙම්
කවි සිතිවිලි මතක පෙතේ..
අබා සොදුරු සදවත රන්
පාට සුමුදු දෑස නෙතේ..
සොබා සිහින ඉහිරෙන මධු
මල් යායක සිහින කෙතේ...
ප්‍රභා සුවද සද තරු මල්
පැරදෙනවා රුවට නුබේ...

ජීවිතෙ කියන්නෙ ඇපල්වත්, අයිස්ක්‍රිම්වත්, කටට රහට කන එකටවත්, ලොකුම ලොකු පඩියක් ගන්න එකටවත් නෙමෙයි.

ජිවිතේ කියන්නෙ සතුටට.. හිතේ සතුටට.. හිතින් විදව විදව, තමන්ගෙම අය තමන්ගෙ නෙමෙයි වගේ ඉන්නකොට, කාත් කවෘවත් නැති බව දැනෙනකොට, හිතම හිර කරවලා මේ ලොකෙ තියෙන ආගන්තුකම නුපුරුදුම නුහුරුම තැන තමන්ගෙම ගෙදර වෙනකොට, දැනෙන හැගීම විස්තර කරගන්නවත් අමාරුයි..
සමහරවිට ඒක විස්තර වෙන්නෙ වැටෙන කදුලකින් නොවෙන්න පුලුවන්. ඒ වයස වැඩි නිසා වෙන්න ඇති. හිතේ අග්ගිස්සෙ පුපුරන්න වගේ දැනෙන වේදනාව හන්ගගෙන හිනා වෙලා ඉන්න එක තරම් අමාරු තවත් දෙයක් නැතුව ඇති. එ හිනාවලට, ඒ විහිලු වලට හිනාවෙන කවෘවත් දන්නෙ නැතුව ඇති ඊට යටින් හැන්ගිලා තියෙන කදුලුවල රස්නෙ කියන එක..