Saturday, May 30, 2015

සොදුරු ඕ


මිහිදුම් සලුවේ සෙවනැලි අතරේ
කිංකිණි හඩ පැතිරේ
අඩවන් දෙනෙතේ මුසපත් ඉගියෙන්
තපසෙකු වුව කැළැඹේ..

කෝමල මියුලැසි ලාලනියේ........

ලැම නැබ සිහිනිග තොල්පෙති නලවා
කාවද සතපන්නේ......... නුඹ
කාවද සතපන්නේ...............


නීල නයන නිල් මිණි සේ දිලිසෙයි
වරලස සිකිපිල දඹ රන් එලියයි
දෙහසුන් පහසින් මා ගත සසලයි
සෙනෙහස බැන්දේ මේ හැම හින්දයි
සෙනෙහස බැන්දේ මේ හැම හින්දයි


මිහිදුම් සලුවේ..............................


පුතුගේ මුවගින් ගිලිහී එන්නේ
නැහැයට සුපුරුදු මුදු කිරි සුවදයි
හද ගැඹුරේ පෙම යළි ලියලන්නේ
ඔබ මගෙ පුතුගේ අම්මා හින්දයි
ඔබ මගෙ පුතුගේ අම්මා හින්දයි

මිහිදුම් සලුවේ...............................

Monday, May 25, 2015

සිරිපොද වැස්සත් මහ වරුසාවත් - මා හමුවේ අමතක වී යා නම්


දමා යන්න නොව කුමරිය ඔබ හට - මේ හිත පෙම් කෙරුවේ
සිනාසෙන්න තව පමා වුනෝතින් - හඩවන්නට සිදුවේ
විසිරුණු සියුමැලි හිත අස්සෙන් පෙම් - කෙරුවට සමනලියේ
පහන් සිලද නොපෙනී සැගවී යයි - රුදු මදනල හමු වේ

මදනල සුවදත් මුදු අරුණැල්ලත්
මා හමුවේ අමතක වී යා නම්
සිරිපොද වැස්සත් මහ වරුසාවත්
නොපෙනී නොදැනී අතපසු වේ නම්
ඔබ මට පණ මෙන් පෙම් කරනා වග
පිළි ගන්නට මේ හිත සූදානම්

රන් මසුරන් කහවනු රජ මැතිදුන්
මගෙ පෙම හමුවේ දුහුවිලි වේ නම්
මහ මග පිරෙනා ජන ගග අතරෙත්
සුවද හාදුවක් දෙන්නට හැකි නම්
ඔබ මට පණ මෙන් ආලය කල බැව්
පිළි ගන්නට මේ හිත සූදානම්..

මටත් වඩා මංගැන හිතනා, සුපෙම් හදක් තිබුනානම්,


මටත් වඩා මංගැන හිතනා,
සුපෙම් හදක් තිබුනානම්,
ඔබේ දිහා ආසාවෙන්,
බලාන ඉන්නේ නෑ මං...
බට්ටිච්චෝ උඹ අතු අග්ගිස්සේ,
ප්‍රේම කරන හැටි,
බලාන ඉන්නේ නෑ මං...


වැට කොටු කඩ ඉම් බිද දමලා,
ලොවට හොරා තුරැලට වැදිලා,
අතු අග පෙම් ලොව කිරැලු දරණ ඔය,
උඹට දෙවෙනි වෙන් නෑ මමනම්...

මටත් වඩා මං ගැන හිතනා.....


ලොවට වඩා වටිනා පෙම් පුවතකි
බට්ටිච්චෝ උඹලට ඇත්තේ
දිවි ඇති තෙක් මෙලෙසම ආදරයෙන්
දෙදෙනම සතුටින් සිටපන්නේ..
නොලද දෙයට කුමකට තැවෙනුද මං
ඉවසාගෙන යන්නට යන්නේ...

මටත් වඩා මං ගැන හිතනා....

තඹර පෙතී

සුකොමල කොමල මියුලැසි දිගු තඹර පෙතී විකසිත සුවද විහිදයි රෑ නින්ද නැති නලියන සැලෙන නැලැවෙන ඉග මත සැතැපී මදකට ඇලවෙන්න එන්නද සුපෙම්වතී

Saturday, January 31, 2015

ඉගිලී යන්නට නොව බිගු එන්නේ මල ලග සැතැපී ඉන්න සිතා...


සරා සුපෙම් බිගු ගී අමුනාගෙන
එන්නෙමි ඔබ හමුවන්න කියා...

සිනා සිහින මල් පොදි ගවසාගෙන
මොහොතින් හමු වී යන්න සිතා...
මොහොතින් හමු වී සමුගෙන යන්නට
සුසුම් සිතේ ඉඩ නොදෙන නිසා...
සිතිවිලි සිර වී ඉකි බිදිනා සද
කෙලෙසක හිනැහී යන්න ද මා...

පා වී සුලගේ දුහුල් මලෙක මෙන්

සුවද දිගේ සැතපෙන්න සිතා...
ගී ගයමින් බිගු එයි නැලැවිල්ලේ
මල් පෙති අතරේ සුවද සොයා...
මල් පෙති මල් නටු මල් කෙමි සිපගෙන
මල් හැර දා හෙට එන්න සිතා...
ඉගිලී යන්නට නොව බිගු එන්නේ
මල ලග සැතැපී ඉන්න සිතා...
මල් මුව රද හා බිගු පිණි වැස්සේ
මද නල ඔස්සේ සැලෙන නියා...
මිහිදුම් සලු වල සීතල අස්සේ
උන් සැගැවී හෙට රගන නියා...
දුහුල් වලා දළ රල පෙළ අස්සේ
උතුම් පැතුම් පොදි බැදෙන නියා...
හමුවෙමු සොදුරියෙ අපි හැම තිස්සේ
දැල්වූ පහන් දැල්වෙන්න තියා...

Monday, January 19, 2015

සැනෙන් හිත හදනවා පුදුමයි ඔබෙන් දුක නිවෙනවා


වැරෙන් හිත රිදෙනවා අරුමයි
ටිකෙන් ටික දැවෙනවා..
සැනෙන් හිත හදනවා පුදුමයි
ඔබෙන් දුක නිවෙනවා..
පහන් එලි එබෙනවා එලියෙන්
ඔබේ රුව මැවෙනවා..
පහන් එලි නිවෙනවා නිවුනත්
හිතේ ඔබ රැඳෙනවා..