Tuesday, May 4, 2021

කලට නිසි වැසි නොවැටින...
කෙත් වතුද නිසරුම විය....
රජය පවටම බර විය....
අපේ මරණය දිනෙන් දින අපි
වෙතට පැමිණෙුනු දිස්විය....
සසර ගමනේ සොදුරු තැන්වල
සතුට සොම්නස නැතිවිය...
අදුර විනිවිද කදුලු පුරවන
රුදුරු යුගයක් ඇති විය...
කලෙක කියැවූ ගොඩ ගලා ලූ
රුදුරු මුහුද ද දිස්විය...
විසාලාවෙන් නැගෙන දුම්රොටු
අප වසාගෙන පැතිරිණ....

Thursday, August 27, 2020

ලැසි ගමන් මුදු වදන් මුණු මුණුවෙ හඬ දිදී
ජීවිතේ ගංගාව පහළටම ඇදෙද්දී
යමෙක් එහි පීනමින් දිය කෙලිණු දකිද්දී ..





කවියක් දෙකක් ඉද හිට පවසන්න එන...
මට දැන් නිතර කවිපද මුමුණන්න වෙන...
හිතළග කව්ද නැවතී සිපගන්න යන...
හින්දද මන්ද මේ හැටි ගැලපෙන්නෙ පද....
.. 

Saturday, May 30, 2015

සොදුරු ඕ


මිහිදුම් සලුවේ සෙවනැලි අතරේ
කිංකිණි හඩ පැතිරේ
අඩවන් දෙනෙතේ මුසපත් ඉගියෙන්
තපසෙකු වුව කැළැඹේ..

කෝමල මියුලැසි ලාලනියේ........

ලැම නැබ සිහිනිග තොල්පෙති නලවා
කාවද සතපන්නේ......... නුඹ
කාවද සතපන්නේ...............


නීල නයන නිල් මිණි සේ දිලිසෙයි
වරලස සිකිපිල දඹ රන් එලියයි
දෙහසුන් පහසින් මා ගත සසලයි
සෙනෙහස බැන්දේ මේ හැම හින්දයි
සෙනෙහස බැන්දේ මේ හැම හින්දයි


මිහිදුම් සලුවේ..............................


පුතුගේ මුවගින් ගිලිහී එන්නේ
නැහැයට සුපුරුදු මුදු කිරි සුවදයි
හද ගැඹුරේ පෙම යළි ලියලන්නේ
ඔබ මගෙ පුතුගේ අම්මා හින්දයි
ඔබ මගෙ පුතුගේ අම්මා හින්දයි

මිහිදුම් සලුවේ...............................

Monday, May 25, 2015

සිරිපොද වැස්සත් මහ වරුසාවත් - මා හමුවේ අමතක වී යා නම්


දමා යන්න නොව කුමරිය ඔබ හට - මේ හිත පෙම් කෙරුවේ
සිනාසෙන්න තව පමා වුනෝතින් - හඩවන්නට සිදුවේ
විසිරුණු සියුමැලි හිත අස්සෙන් පෙම් - කෙරුවට සමනලියේ
පහන් සිලද නොපෙනී සැගවී යයි - රුදු මදනල හමු වේ

මදනල සුවදත් මුදු අරුණැල්ලත්
මා හමුවේ අමතක වී යා නම්
සිරිපොද වැස්සත් මහ වරුසාවත්
නොපෙනී නොදැනී අතපසු වේ නම්
ඔබ මට පණ මෙන් පෙම් කරනා වග
පිළි ගන්නට මේ හිත සූදානම්

රන් මසුරන් කහවනු රජ මැතිදුන්
මගෙ පෙම හමුවේ දුහුවිලි වේ නම්
මහ මග පිරෙනා ජන ගග අතරෙත්
සුවද හාදුවක් දෙන්නට හැකි නම්
ඔබ මට පණ මෙන් ආලය කල බැව්
පිළි ගන්නට මේ හිත සූදානම්..

මටත් වඩා මංගැන හිතනා, සුපෙම් හදක් තිබුනානම්,


මටත් වඩා මංගැන හිතනා,
සුපෙම් හදක් තිබුනානම්,
ඔබේ දිහා ආසාවෙන්,
බලාන ඉන්නේ නෑ මං...
බට්ටිච්චෝ උඹ අතු අග්ගිස්සේ,
ප්‍රේම කරන හැටි,
බලාන ඉන්නේ නෑ මං...


වැට කොටු කඩ ඉම් බිද දමලා,
ලොවට හොරා තුරැලට වැදිලා,
අතු අග පෙම් ලොව කිරැලු දරණ ඔය,
උඹට දෙවෙනි වෙන් නෑ මමනම්...

මටත් වඩා මං ගැන හිතනා.....


ලොවට වඩා වටිනා පෙම් පුවතකි
බට්ටිච්චෝ උඹලට ඇත්තේ
දිවි ඇති තෙක් මෙලෙසම ආදරයෙන්
දෙදෙනම සතුටින් සිටපන්නේ..
නොලද දෙයට කුමකට තැවෙනුද මං
ඉවසාගෙන යන්නට යන්නේ...

මටත් වඩා මං ගැන හිතනා....

තඹර පෙතී

සුකොමල කොමල මියුලැසි දිගු තඹර පෙතී විකසිත සුවද විහිදයි රෑ නින්ද නැති නලියන සැලෙන නැලැවෙන ඉග මත සැතැපී මදකට ඇලවෙන්න එන්නද සුපෙම්වතී

Saturday, January 31, 2015

ඉගිලී යන්නට නොව බිගු එන්නේ මල ලග සැතැපී ඉන්න සිතා...


සරා සුපෙම් බිගු ගී අමුනාගෙන
එන්නෙමි ඔබ හමුවන්න කියා...

සිනා සිහින මල් පොදි ගවසාගෙන
මොහොතින් හමු වී යන්න සිතා...
මොහොතින් හමු වී සමුගෙන යන්නට
සුසුම් සිතේ ඉඩ නොදෙන නිසා...
සිතිවිලි සිර වී ඉකි බිදිනා සද
කෙලෙසක හිනැහී යන්න ද මා...

පා වී සුලගේ දුහුල් මලෙක මෙන්

සුවද දිගේ සැතපෙන්න සිතා...
ගී ගයමින් බිගු එයි නැලැවිල්ලේ
මල් පෙති අතරේ සුවද සොයා...
මල් පෙති මල් නටු මල් කෙමි සිපගෙන
මල් හැර දා හෙට එන්න සිතා...
ඉගිලී යන්නට නොව බිගු එන්නේ
මල ලග සැතැපී ඉන්න සිතා...
මල් මුව රද හා බිගු පිණි වැස්සේ
මද නල ඔස්සේ සැලෙන නියා...
මිහිදුම් සලු වල සීතල අස්සේ
උන් සැගැවී හෙට රගන නියා...
දුහුල් වලා දළ රල පෙළ අස්සේ
උතුම් පැතුම් පොදි බැදෙන නියා...
හමුවෙමු සොදුරියෙ අපි හැම තිස්සේ
දැල්වූ පහන් දැල්වෙන්න තියා...

Monday, January 19, 2015

සැනෙන් හිත හදනවා පුදුමයි ඔබෙන් දුක නිවෙනවා


වැරෙන් හිත රිදෙනවා අරුමයි
ටිකෙන් ටික දැවෙනවා..
සැනෙන් හිත හදනවා පුදුමයි
ඔබෙන් දුක නිවෙනවා..
පහන් එලි එබෙනවා එලියෙන්
ඔබේ රුව මැවෙනවා..
පහන් එලි නිවෙනවා නිවුනත්
හිතේ ඔබ රැඳෙනවා..

Monday, December 22, 2014

සැලියුට් ඇන්ඩ් පොලියුට් (ධම්මෝ භවේ රක්ඛති)


සතුටට කරුණුද පවතී මිතුර..

කාකි ඇදුමට යටිනුත්
හෘද ශාක්ෂීයට අවනත උත්තරීතර මිනිසුන්
තවමත් සිටිති.
ස්වජාත දරුවන්ගේ බඩගෝස්තරයද පුද දී
නීතියට අවනත නැති 
සක්කිලි දේශපාලුවන්ගෙන් මිදී
නවතින තම නිවසේ
නිල ඇදුමද ගලවා දී...
කීර්තිසිංහ මැතිදානෙනි
ඔබ වැන්නවුන් අභිමනකි
අප දේශයට......

දුකට කරුණුද පවතී මිතුර..
නිල බලය වෙලාගත්
සක්කිලි අමන රජගෙදර සුනඛයින්ගේ
දෙපා ලෙව කා ස්ව කෙලෙන් දොවාලන..
කුඩ්ඩන්ට සැලියුට් කර
අධ්‍යාපන අයිතිය ඉල්ලූ දරුවන්ට
බැටන් පොල්ලෙන් අමන ලෙස සලකන
වතුර ඉල්ලූ ස්වපාංතික ජනයාට වෙඩි පහර දෙන
ප්‍රේමලාල් රණගල සට්ටැබිය..
උඹ ඇතුළු දූෂිත සුනක රැළ,
තොප
හිරිකිත දුර්ගන්ධය දෙන
මල කුණකි හෙළයට......

Wednesday, December 17, 2014

මරාට වඩා සිරා සිරාය සිරාවටම සිරාය


මරාට වඩා සිරා සිරාය
සිරාවටම සිරාය

මරා විසින් සරාව හිරේ දැම්මේය
මොනවා වුනත් එය ජරාය
සරා දැන් සිරා ළගය.
සරා සිරා එක්ව අමුනන මාලේ
සිරාවටම සිරාය
මුදුනා රනා ය.
රනා සමග උරණව සිටි සජා පවා
දැන් කිසිම අරාවක් නැතිවම සිරා ලගය.

සිරා සරා රනා සජා සමග සිරා පිල
සිරාවෙන් සිරාවට ගොස් ඇත.
නාටු ගිරා එලවා මාල ගිරවියන්
සිටින නිසා
සිරා පිල තව තවත් සිරා ය.

මරා මහ සොරා බව 
ජනයාට පසක් වී හමාරය.
කොපමණ බුරා පැන්නද
පචායුධයද පච වී හමාරය.
පදමට රෙදි ඇපුල්ලූ 
කිසිම සුන්දරත්වයක් නැති
අබේසුන්දරයාද අපාගත වී හමාරය.

බුරා නැගෙන පරාජයේ ගිනි දැල් මැද
මරා ඉන්නේ දැන් කොරා වී ය.
කොපමණ කොරා වී ද යත්
සිරා කතා පවා ජරා වී කියැවෙන්නේය
ලංකාව පුරා ඇහෙන්නේ
සිරා ගේ සිරා කොරා ටෝක්ස්ය.

මරා කොපමණ කෑ ගැසුවද
සිරා සිරා නිසා රජා වන්නේ සිරා ම ය.
සිරාවටම සිරා රජා ය.
එවිට රජා සිරා ය.
සිරාම සීන් එක වන්නේ
සරා ආරක්ෂක ඇමති වූ විටය.
සරා හිරේදී කෑ බතේ රස
සරා ට හොදට මතක ඇති නිසා
එතැන් පටන් 
මරාට සරාගෙන් ලැබෙන ප්‍රනීත
දිවා ආහාර වේල
කොපමණ සිරා වේදැයි
නොකිව මනාය..

_වැ.ත.



වාවන්නෙම නෑ බොල...හිත... පැරදෙයි කියල හිතුනම...


වේගෙන් පියඹාගෙන ඇවිත්
හිටිගමන් ලෑන්ඩ් කරපු
උස කලු සුදු ඩිෆෙන්ඩර් වලින්
එලියට දාපු බටෙන්
සංස්කෘතික උණ්ඩයක් 
යැව්ව පතුලටම
හදවත් නවතින්නම....

ශ්‍රී ලාංකික ලේඛකයගෙ....
ස්වාධීන මාධ්‍යයවේදියගෙ....
වතුර තිබහ මිනිස්සුන්ගෙ....
ඩීසල් ඉල්ලපු ධීවරයගෙ....
ඇදුම් මහපු කොල්ලගෙ...
කතාබහ නැතිවෙන්නම

සභාවෙ සභාපතිගෙ..
දුටුගැමුණුගෙ පුතාගෙ..
අමතක වෙන සිල්වගෙ..
මාල කඩපු දෙයියගෙ..
කරට දැම්මෙ
තොණ්ඩුව වෙනුවට
මල් මාලෙ - ජාතික වීරත්වයට
ගරු කරන්ට හිතාගෙන

කැසිනෝ නයිට් ක්ලබ් වලින් හරි
කීයක් හරි හොයාගෙන
ජනතාවගෙ හෙට දවස
ලස්සන කරන්ට
වෙන මහන්සිය දැක්කමකොහොමද නොදී ඉන්නෙ ආයෙත්....

වාවන්නෙම නෑ බොල...

මේ මෘදු හදවත....









එනු මැන කතිරෙන් - මෙත් පල් සිරි සෙන්

සොර ගොර මහෙන් ද්රන්
යව නට සැර සෙන්
එනු මැන කති රෙන්
මෙත් පල් සිරි සෙන්

Tuesday, July 8, 2014

බොඳ කලා මා නෙතු... දැල්


**************
සියුමැලි සිනිඳු........ තොල්
පීරා වැටෙන.... කෙහෙරැල්
රාගික සුසුම්.............. වැල්
බොඳ කලා මා නෙතු... දැල්

මල් සුවඳකට ඇදෙනා බමරුන් රැලට..

සඳ ළඟ තරු වලට තරු වල එලි පෙලට.…
එලියට දිලෙන සේපාලිකා මල් වලට....
මල් සුවඳකට ඇදෙනා බමරුන් රැලට....
කී කවි ගී සිංදු නෑහෙනවද නුබට....

සිහින ගෙනෙන ඔබගෙනි සැනසුම.... වැස්සේ

________________________________________
දැවෙන නිවෙන දහසක් සිතුවිලි....... අස්සේ
සැදෙන සැනසුමක තතු ඔබගෙන්...... දිස්වේ
වැනෙන පහන් සිල සේ දිවියම...... ගැස්සේ
සිහින ගෙනෙන ඔබගෙනි සැනසුම.... වැස්සේ

දිනයෙක් යනු ඇත යදමුත් බිඳගෙන

.
සඳ ලඟ කවි කල
මගෙ හිත හිරකර
සිනහව ලොක් කර
යතුරත් අරගෙන
හිර ගෙය තුල වන
මගෙ තනි හිත ගෙන
දිනයෙක් යනු ඇත
යදමුත් බිඳගෙන

තනි හිතක ඉකිබිඳුම..

සුර විමන වෙත ඇදෙන..
දුර දිවෙන මද පවන..
වෙර නොගෙන මගෙ ලඟට..
බිඳුවකට ඇදෙනවද..
වෙන් නොවී අහනවද..
තනි හිතක ඉකිබිඳුම..

මට පෙනෙන් නැති තොරණ නිමුනාවේ...


පහන් නිවුනාවේ, පෝය දා,
පොදක් ඇවිදින් රැලිත් තෙමුනාවේ...
කරන්ට් කැපුවාවේ, හිටිගමන්,
මට පෙනෙන් නැති තොරණ නිමුනාවේ...

තෙල් ඇතිමුත් පහන සැනෙකින් නිවේවිද...


නිල් සයුරටත් නැගෙන, රළ පෙල
සිඳේවිද...
රතු ඉර හඳ යටත් තව, ඩා බිඳු නැගේවිද..
වෙදැදුරු නොදනිතත්, මරු පොරබඳීවිද...
තෙල් ඇතිමුත් පහන සැනෙකින් නිවේවිද...

ජීවිතේ පවා තියෙන්නේ.... දැන් ඔයා ළගයි


හීනයක් වගෙයි දැනෙන්නේ.....
හීනයක් නොවෙයි
ආයෙමත් වරක් හිතෙන්නේ....
ආදරේ තමයි
පින් කලේ ඔයා නෙමෙයිනේ....
පින් කලේ මමයි
ජීවිතේ පවා තියෙන්නේ....
දැන් ඔයා ළගයි

පාවෙන සදැස්


කවි ගී සිංදු සුන්දර පද ඇමිණෙන්නේ..
රෑ කලුවර මැදින් මුදු සුළගකි එන්නේ..
පාවෙන සදැස් නිසදැස් මෙහි නවතින්නේ..
සලජාකසයෙ මේ රෑ කව්රුද ඉන්නේ...?
 — feeling curious.

ගීයට පබැඳුමට ආලය කරන සකි..

සදැසට නිසදැසට 
නොබිඳෙන සිතක් හිමී..
කිසිවෙක් ඇතොත් හේ
මිය ගිය අයෙක් වැනි..
ගීයට පබැඳුමට ආලය
කරන සකි..

මිතුරෙකි සොහොයුරෙකි
හොඳ හදවතක් ඇති....

" මුහුදු ගියෝ ආවෝ.. බදුලු ගියෝ නාවෝ"


Priyanthi Hansamali‎සමස්ත ලංකා ජාතික කවි සම්මේලනය ::.
" මුහුදු ගියෝ ආවෝ.. බදුලු ගියෝ නාවෝ"
බදුලු සිරිය හරි කදිමයි හැමගෙම හිත ගන්නේ
දකින හැවොම අගෙ පවසයි සුවදෙන ගම වන්නේ
මුහුදු ගියද යළි පැමිණෙයි එන අය නැහැ යන්නේ
පැමිණ සුවය විඳ ගන්නයි මෙම ඇරයුම දෙන්නේ..
  • Isuru Sampath Amarasena ***
    ලැබුනම ඇරයුමක් නෑවිත් හොද නෑනේ..
    ඉන්නට හිටින්නට තැනකුත් දෙනවානේ...
    සුවය විදින්නට තනියෙන් නම් බෑනේ...
    දෙදෙනෙක් වෙන්න තව කෙනෙකුත් මට ඕනේ...

  • Priyanthi Hansamali *
    Isuru Sampath Amarasena
    ලියුවේ ඇරයුමකි රූ සිරි විඳ ගන්න..... කියා
    තනිවී කෙළෙසකද ඒ පැන විසදන්න.... ඔයා
    එකගේ සිරිත අද නෑ මිතු දැනගන්න ... මෙයා
    පුරයේ රසය විඳ මේ කවි මෙහි දෙන්න.. ලියා

  • Isuru Sampath Amarasena ***
    සිරිතට නවතින්න නොව, අක්කේ... ලීවේ
    ඉදලා යන්න දෙනවද කියලයි......... කීවේ 

    පුරයේ මගේ හිතවතෙකුත් වෙන.... නෑනේ
    තනිවුනු බවක් නිකමට නොවැ මම....කීවේ

ඈ ගෙ උණුහුම...

සිහින විමනක...
තනයි හෙවනක්...
ඈ ගෙ උණුහුම...
රැදුනු සුසුමක්..

Thursday, June 5, 2014

හිතළග කව්ද නැවතී සිපගන්න යන...

කවියක් දෙකක් ඉද හිට පවසන්න එන...
මට දැන් නිතර කවිපද මුමුණන්න වෙන...
හිතළග කව්ද නැවතී සිපගන්න යන...
හින්දද මන්ද මේ හැටි ගැලපෙන්නෙ පද......

නිමිති නොමැති සිත මත

රස කවි ගෙතුම් ගී පබැදුම් මිමිණෙනවා....
කවියට නිමිත්තක් සිත සොයමින් යනවා..
නිමිති නොමැති සිත මත නිදි නැතිවෙනවා..
නිමිති නොමැතිවම රස කවි පබැදෙනවා......

නැති සිත ළගට ඒන්නට අෑ කැමති නැත

කවියක් නිමිත්තක් හිතවත හිතෙ අැත
ඒය පවසන්න මගෙ සිත තව උගෙන නැත
තඹයක් තියා සතයක්වත් අෙත් නැත
නැති සිත ළගට ඒන්නට අෑ කැමති නැත..

ඉදහිට පිළිතුරක්

දවසක් ෙදකක් පැල් බැද කවිපද ලිව්වා
ඉදහිට පිළිතුරක් ෙදකකුත් අැමිෙණවුවා
දැන් දැන් සිත ‍ගතත් ෙදක ෙවනතක යැව්වා
කවි අැරඹුමට කිසිවක් ෙව් දැයි ෙසව්වා..

___________වැලන්ටයින් ____________

අයින්ස්ටයින් වාගේ මම හිටියෙ බලන්...
වැලන්ටයින් එනවලු අත ලඟම ඉතින්...
ෆ්‍රැන්කන්ස්ටයින් සේ මැරෙන්න බොන්න හොයන්...
ට්‍ර්පනටයින් තෙල් වත් අද නැද්ද මචන්.....

ඔය පොශ් හිතේ පොඩියක් මට ඉඩදෙන්න..

මගෙ පොශ් හීනයට කවි කැටයම් දෙන්න..
ඔල මොල මැටි ගතිය චුට්ටක් නවතන්න..
ගොනා වගේ ඔබේ ලඟම නවතින්න..
ඔය පොශ් හිතේ පොඩියක් මට ඉඩදෙන්න...

රෝස මලක් මට ඉඟිකර හිනැහෙනවා

සිතුවිලි දහක් සිතවටකර දැවටෙනවා...
ආදර බසක් සිතුවිලිවල ලියැවෙනවා....
හුස්මක් කටක් ගන්නටවත් නොම දෙනවා..
රෝස මලක් මට ඉඟිකර හිනැහෙනවා......

හිග කාසි

කාසියේ රුව දැන් මැනෙන්නේ
තරාතිරමේ අගයෙනුයි..
කාසි හිග බව දැන් දැනෙන්නේ
වැටුප අරගෙන සතියෙනුයි...
ජීවිතේ ගග ගලායන්නේ
රලු පරලු කදු අතරිනුයි...
ආදරේ බිදු වැහි තැනෙන්නේ
දුහුල් දුහුවිලි කතරෙනුයි....