Wednesday, December 17, 2014

මරාට වඩා සිරා සිරාය සිරාවටම සිරාය


මරාට වඩා සිරා සිරාය
සිරාවටම සිරාය

මරා විසින් සරාව හිරේ දැම්මේය
මොනවා වුනත් එය ජරාය
සරා දැන් සිරා ළගය.
සරා සිරා එක්ව අමුනන මාලේ
සිරාවටම සිරාය
මුදුනා රනා ය.
රනා සමග උරණව සිටි සජා පවා
දැන් කිසිම අරාවක් නැතිවම සිරා ලගය.

සිරා සරා රනා සජා සමග සිරා පිල
සිරාවෙන් සිරාවට ගොස් ඇත.
නාටු ගිරා එලවා මාල ගිරවියන්
සිටින නිසා
සිරා පිල තව තවත් සිරා ය.

මරා මහ සොරා බව 
ජනයාට පසක් වී හමාරය.
කොපමණ බුරා පැන්නද
පචායුධයද පච වී හමාරය.
පදමට රෙදි ඇපුල්ලූ 
කිසිම සුන්දරත්වයක් නැති
අබේසුන්දරයාද අපාගත වී හමාරය.

බුරා නැගෙන පරාජයේ ගිනි දැල් මැද
මරා ඉන්නේ දැන් කොරා වී ය.
කොපමණ කොරා වී ද යත්
සිරා කතා පවා ජරා වී කියැවෙන්නේය
ලංකාව පුරා ඇහෙන්නේ
සිරා ගේ සිරා කොරා ටෝක්ස්ය.

මරා කොපමණ කෑ ගැසුවද
සිරා සිරා නිසා රජා වන්නේ සිරා ම ය.
සිරාවටම සිරා රජා ය.
එවිට රජා සිරා ය.
සිරාම සීන් එක වන්නේ
සරා ආරක්ෂක ඇමති වූ විටය.
සරා හිරේදී කෑ බතේ රස
සරා ට හොදට මතක ඇති නිසා
එතැන් පටන් 
මරාට සරාගෙන් ලැබෙන ප්‍රනීත
දිවා ආහාර වේල
කොපමණ සිරා වේදැයි
නොකිව මනාය..

_වැ.ත.



2 comments:

Anonymous said...

මරා විසින් තනිකඩයාව මරා දැමීමට ඉඩ ඇත්තේ. සුදු වෑන් සිරාය. එවැන්නක ගොස් කන පලා දෙකට ඉරා පසට දිරා යනු මනාය.

පද පේලි සිරා ය.
ප්‍රවේසමෙන් ලියනු මනා ය.

Isuru S. Amarasena said...

ඔව් ඔව්. ඒ ගැන සිතනු මනාය.
ලසන්ත මෙන් මහ මග මැරෙනු නො මනා ය.
ස්තූතියි මිත්‍රයා.