Thursday, January 9, 2014

හිම් නැති නිම්
සෙවිමි නොහිම්

දෑත් අහිම්
දුටිමි සොවිම්

සැම හිමි මම්
දුක්වෙනු කිම්.
සිතිමි ඉතින්
බොහොම හෙමින්.

වෙබ් කැමරාවෙන්..

හිස හොවාන සිටියා..
සෙල් ටැම් අතරේ...
එනමුත් ඒ සෙල් ටැමක නොවේ...
බලාන හිටියා වරුවක්..
වෙබ් කැමරාවෙන්..
එනමුත් වෙනකෙකු දෙසද නොවේ...
සිත වෙලාන ඇදුනා...
මිහිදුම් දුම් සලු...
එනමුත් ඒ අප වෙතට නොවේ...
දින වරු සති ගෙවුනා..
අප අපටම......
අමතක කර දමමින්ම ඔහේ....