Monday, December 22, 2014

සැලියුට් ඇන්ඩ් පොලියුට් (ධම්මෝ භවේ රක්ඛති)


සතුටට කරුණුද පවතී මිතුර..

කාකි ඇදුමට යටිනුත්
හෘද ශාක්ෂීයට අවනත උත්තරීතර මිනිසුන්
තවමත් සිටිති.
ස්වජාත දරුවන්ගේ බඩගෝස්තරයද පුද දී
නීතියට අවනත නැති 
සක්කිලි දේශපාලුවන්ගෙන් මිදී
නවතින තම නිවසේ
නිල ඇදුමද ගලවා දී...
කීර්තිසිංහ මැතිදානෙනි
ඔබ වැන්නවුන් අභිමනකි
අප දේශයට......

දුකට කරුණුද පවතී මිතුර..
නිල බලය වෙලාගත්
සක්කිලි අමන රජගෙදර සුනඛයින්ගේ
දෙපා ලෙව කා ස්ව කෙලෙන් දොවාලන..
කුඩ්ඩන්ට සැලියුට් කර
අධ්‍යාපන අයිතිය ඉල්ලූ දරුවන්ට
බැටන් පොල්ලෙන් අමන ලෙස සලකන
වතුර ඉල්ලූ ස්වපාංතික ජනයාට වෙඩි පහර දෙන
ප්‍රේමලාල් රණගල සට්ටැබිය..
උඹ ඇතුළු දූෂිත සුනක රැළ,
තොප
හිරිකිත දුර්ගන්ධය දෙන
මල කුණකි හෙළයට......

No comments: