අලුයමින් පිබිදී
සුමුදු සුවදක් විහිදුවන...
දිටියෙමි මලක්
දහවල අව් රසින් පිච්චෙන...
ගල්වන්න පැන් පොදක්වත්
ලන්වන සිතක් සිතුනත්
හිරු රසේ චණ්ඩබව
වැලකුවා මගෙ දෙපයත්...
මැලැවි මැලැවී
සිටිනු දැක දැක
ඉන්න බෑ තව මොහොතක්...
සිත දවන රතු පහන් දැල්ලට
පෙම් කරයි පලගැටියෙක්
2 comments:
අත්දැකීමක්ද යාලුවා මේ?
සමහරවිට මිත්ර්යා..
Post a Comment