Friday, May 3, 2013

නගේ නුබට නොපෙනුනාට තරු සැගවෙයි වලා පෙලේ..


නදුන් උයන වට රගදෙන
කෝල කොමල දෑස ඇගේ...
සදුන් සුවද ඉතිරී යයි
හීන පුරන පාර දිගේ...
ලදුන් පාන මල් හසරැලි
කොදුරන්නට පැලට මගේ...
අදුන් අපුල දෑස දෙන්න
කැමතිද මට බාල නගේ....

මිදුල කොණේ පිබිදුන මල්
සැගවුනාද සදලුතලේ..
වදුල දිගේ ඇවිදින සද
නැවතුනාද වලා ගැබේ...
දිදුල මාල රන් මල් දම්
ගැවසුනාම සිහින් ගෙලේ..
බාල නගා හිනැහෙනකොට
තරු සැගවෙයි වලාපෙලේ...

තබා සිතේ තෙරපෙන පෙම්
කවි සිතිවිලි මතක පෙතේ..
අබා සොදුරු සදවත රන්
පාට සුමුදු දෑස නෙතේ..
සොබා සිහින ඉහිරෙන මධු
මල් යායක සිහින කෙතේ...
ප්‍රභා සුවද සද තරු මල්
පැරදෙනවා රුවට නුබේ...

No comments: