Wednesday, April 16, 2014

වැහි කළුවර (සලජාකස කචි සංචාද අංක 01)


  • පැහැබර අහස වැහි කළුවර වසා ගනී
    සිරිබර ඇරඹුමෙක කෙළවර අඳුරු වුනී
    දුක්බර පෙනුම හදවත තුල රිදුම් දුනී
    වැහිබර දිනක තනිකම මගෙ ලඟට පනී.....

    • Isuru Sampath Amarasena .
      **
      කොලඹ අහස කලුකරගෙන වැස්ස වැදී
      ඇරඹුම කදුලකට පෙරලී දෙයිද හදී
      රිදුම් දෙන සිතට සැනසුම සුවය දිදී
      වැහිකුඩු යටින් එන්නද ඔබෙ ළගට ඇදී....
      **

    • Leera de Silva **
      මල් පෙති සැලේ වියරුව යන සුළඟ වැදී
      කල් ගතවුන රිදුම සිතයට තවම නිදී
      දැල් වෙන පහන් සිල මෙන් ලොව එලිය දිදී
      ඉල් ලුම අගෙයි නාවත් සිත යටට ඇදී....... @ Isuru..

    • Isuru Sampath Amarasena ***
      ඉල්ලුම් එමට ඇත කවි පිටුවල ලියලා
      යටටම සිතේ ඇදුනාදෝ එය දලුලා
      වියරුව රැඟූ සුලඟට දැන් සමු දීලා
      සිහිල් මුදු සුවද දෙන්නද ලං වීලා

    • Leera de Silva ** 
      කවි කියවලා එහි රසයක් විඳිනු හැර
      කුමකට සිතට අරගන්නද කවියෙ බර
      තව කවි ලියන්නට හැකි සේ දෙමින් උර
      ඔබෙ ඇරයුමට මම මෙතනින් ගසමි ඉර.....@ Isuru..

    • Isuru Sampath Amarasena .
      රස කවි ලොවේ කවි කදුහෙල් වැටි පීරා...
      තෙත කෙත්වතු පුරා රගදෙයි දිය සීරා..
      රස ගී සදැස් නිසදැස් අතරින් බේරා...
      කවිබර රැගෙන යන්නට යනවද ලීරා...

    • Isuru Sampath Amarasena ******
      මගෙ කවි වලට හිත වත් රිදිලද මන්දා
      දිග ඉරි ගසා බර ගෙන යනවලු කැන්දා
      නිකන් වදන් ගොන්නක් අමුනපු හන්දා
      මමත් ඉවත යන්නෙමි ලීරා නැන්දා

    • Leera de Silva *
      මොනවට සිත රිදෙන්නද රස කවි කියලා
      පද ගැලපුමට ලිව්වට මම ඉරි ගසලා
      කවියට කවිය මිස නැත තරහක් සිතිලා
      තව තව කවි ලියන් පුතුනේ රස කරලා....@ Isuru..

    • Leera de Silva **
      නිල් වන් අහස සැඟවෙද්දී වලා යට
      මල් වන් කවි කැකුලු උපදී සිතේ යට.....

    • Isuru Sampath Amarasena **
      ඒ කවි කැකුලු පූදින්නට හදනකොට
      කවි මල්වැහි වහී සිරිලක්බිමට හෙට....

    • Leera de Silva **
      සැඟවුන කවි සිතක් අවදිව ඉන්න විට
      අපමන වැඩ වුනත් මට බැහැ යන්න ගෙට....


No comments: