Wednesday, April 16, 2014

නරකෙසක් ඇදිලා (සලජාකස කචි සංචාද අංක 02)

කැරකෙයි කෙස් ගහක් ඉදිලා හිස මැද්දේ
පරණයි දැන් ඉතින් යන පැත්තට ඇද්දේ
නොහැකියි තවත් පෙරමෙන් කෙරුමට සද්දේ
නොතිරයි සසර දුකමය මැද යම යුද්දේ..

  • Isuru Sampath Amarasena ,
    දත් නැති දා උක් දඩු ලගටම ඒවී

    එනමුත් හපාගන්නට නම් බැරිවේවී
    හපලා දෙන්නටත් සමහරු පෙළඹේවී
    පෙර වෙණ වැයුම් සකිසද දැන් බැරිවේවී....
  • මදු මාදවී .
    උක්දඩු නරකමයි දියවැඩියා රෝගේ
    හපලා දෙන්න නම් කිසිවෙකු නෑ වාගේ
    පෙර වෙන වැයුම් සිහිකර රස කවි දීගේ
    තෙරුවන සිහිකරන් ගෙවනව දිවි මාගේ
  • Isuru Sampath Amarasena ...
    පෙර වෙන වැයුම් සමගින් තෙරුවන එකට
    එකවිට සිහිකලොත් පැටලෙයි සිත පවට
    පිරිසිදු කරන් ඔය සිත මලුවක් ලෙසට
    සිල් අරගන්න කාලය දැන් හරි ඔබට...
  • Isuru Sampath Amarasena ..
    කවියෙන් කවිය ලියැවෙනවා - නින්ද නොයයි..
    හෙට වැඩබිමේ නිදියන්නට - වෙයිද සැකයි..
    සිමෙන්ති කම්බිත් සමගින් - දිවිය සැරයි..
    දැන් ඇති අක්කෙ නිදියන්නට - කාලෙ හොදයි...

  • මදු මාදවී Isuru Sampath Amarasena.
    වෙන ගායනා නොසිතයි නොවැ නිවුනු සිත
    හොද ඔවදනකි මතකය මඟ ඇරෙනු නැත

    යන එන මඟට දෙවි පිහිටම ලැබෙනු ඇත
    රසකවි වලට ගත වෙහෙසද නිවෙයි මිත

  • මදු මාදවී 
    සිතුවිලි තුරුණු රස කවියක කර ආඳා
    පද බැඳ ගෙනෙයි නැතිවම කිසි ලෙස බාදා

    මිතුරියෙ කවි මගෙහි සැම මිතුරන් වූදා
    තව තව හැඩ කෙරෙයි නිති සතුටද සාදා

  • Isuru Sampath Amarasena .
    පැතිරෙයි රස කවිය පිටුවේ ඉහල සිට
    නොනැමෙයි හිත මගේ නොලියා යන්ට තව

    කරනා අතර ඩ්‍රෝවින්වල කම්බි වැඩ
    ලියනව තවත් කවි කොමෙන්ටු පහළටම

No comments: