Monday, May 25, 2015

සිරිපොද වැස්සත් මහ වරුසාවත් - මා හමුවේ අමතක වී යා නම්


දමා යන්න නොව කුමරිය ඔබ හට - මේ හිත පෙම් කෙරුවේ
සිනාසෙන්න තව පමා වුනෝතින් - හඩවන්නට සිදුවේ
විසිරුණු සියුමැලි හිත අස්සෙන් පෙම් - කෙරුවට සමනලියේ
පහන් සිලද නොපෙනී සැගවී යයි - රුදු මදනල හමු වේ

මදනල සුවදත් මුදු අරුණැල්ලත්
මා හමුවේ අමතක වී යා නම්
සිරිපොද වැස්සත් මහ වරුසාවත්
නොපෙනී නොදැනී අතපසු වේ නම්
ඔබ මට පණ මෙන් පෙම් කරනා වග
පිළි ගන්නට මේ හිත සූදානම්

රන් මසුරන් කහවනු රජ මැතිදුන්
මගෙ පෙම හමුවේ දුහුවිලි වේ නම්
මහ මග පිරෙනා ජන ගග අතරෙත්
සුවද හාදුවක් දෙන්නට හැකි නම්
ඔබ මට පණ මෙන් ආලය කල බැව්
පිළි ගන්නට මේ හිත සූදානම්..

No comments: