Saturday, May 30, 2015

සොදුරු ඕ


මිහිදුම් සලුවේ සෙවනැලි අතරේ
කිංකිණි හඩ පැතිරේ
අඩවන් දෙනෙතේ මුසපත් ඉගියෙන්
තපසෙකු වුව කැළැඹේ..

කෝමල මියුලැසි ලාලනියේ........

ලැම නැබ සිහිනිග තොල්පෙති නලවා
කාවද සතපන්නේ......... නුඹ
කාවද සතපන්නේ...............


නීල නයන නිල් මිණි සේ දිලිසෙයි
වරලස සිකිපිල දඹ රන් එලියයි
දෙහසුන් පහසින් මා ගත සසලයි
සෙනෙහස බැන්දේ මේ හැම හින්දයි
සෙනෙහස බැන්දේ මේ හැම හින්දයි


මිහිදුම් සලුවේ..............................


පුතුගේ මුවගින් ගිලිහී එන්නේ
නැහැයට සුපුරුදු මුදු කිරි සුවදයි
හද ගැඹුරේ පෙම යළි ලියලන්නේ
ඔබ මගෙ පුතුගේ අම්මා හින්දයි
ඔබ මගෙ පුතුගේ අම්මා හින්දයි

මිහිදුම් සලුවේ...............................

No comments: