පනාපෙති පිරුණු කවයක්
මතින් ඇවිදින හංස අගනක්
ඈ.........,
ගලින් කළ කැටයමක්
බලා සිටියලු වසර හතරක්
දෙපා පිසයන තරුණ යුවලක්
ඔවුන්........,
නොදැක දැන් ඈ ගෙවුනි වසරක්
එකුත් සූ සැට සෙල් ටැම් පෙළක්
එයින් නික්මෙන පියගැට පෙළක්
ඒ............,
මතට වැටුනලු සෙවනැලි දෙකක්
එදත් නැගුනලු සදක්
මුහුකරගෙනම සුමුදු සුවදක්
එය...........,
හන්තානටම පෑයූ සදක්
පිපුණලු රොබොරොසියා මලක්
ඒ මතට වැටුනලු පිණි පොදක්
සද.............,
රැසේ දිලුනලු වසර හතරක්
අදුරු පෑ මිහිදුමක්
කැටුව ආ ඝන මේඝ අගනක්
ඈ.............,
තැනුවෙ සද නැති අදුරු අහසක්
යනෙන ඇවිදින සෙවනැලි පෙළක්
නිතර නරඹන හසගනක්
ඈ.............,
සෙව්වෙ පෙර සෙවනැලි දෙකක්
අවරගිර හිරු බසින මොහොතක්
දුටුවෙ නෑ ඈ සෙවනැලි දෙකක්
ඇයි...........,
ඔවුන් සමුගෙන අදින් වසරක්
4 comments:
අගේ ඇති සේයාරුවක් හා කාව්‍යයක්.. සුබ පතනවා ඔබට.
මම samakayawate බ්ලොග ලියන නලින්
බොහෝම ස්තූතියි මිත්‍රයා, මේ වචන මට ලොකු හය්යක්..
patta pata pata
thank u "ඉබ්බා"
Post a Comment